ඇමරිකානු නාවික හමුදාවේ ශාන්තිකර සාගරයේ විශේෂ නාවික මෙහෙයුම් විධානයට අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ඇමරිකානු නාවික හමුදාවේ ශාන්තිකර සාගරයේ විශේෂ නාවික මෙහෙයුම් විධානයට අණදෙන නිලධාරී රියර් අද්මිරාල් කොලින් කිල්රේන් මහතා අද (22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී ඔවුන් විසින් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත විය.

එම අවස්ථාව සඳහා රියර් අද්මිරාල් කිල්රේන් මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසට ‍ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් රොබට් රොස් මහතා ද එක්විය. අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.