අ.පො.ස. සාපෙළ විභාගය ඉහලින්ම සමත් වූ ශිෂ්‍යාවට නාවික හමුදාවේ අතහිත
 

2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ හත්වැනි ස්ථානයට පත්වූ පානදුර, ශ්‍රී සුමංගල බාලිකා මහා විද්‍යාලයේ ඉගනුම ලබන නාවික හමුදාවේ විශ්‍රාමික පාලක ප්‍රධාන සුළු නිලධාරී අධිකාරම්ගේ ඉන්දික මහතාගේ දියණිය වන තරුෂි අංජලිකා හට ඇයගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් ප්‍රකාරව, නාවික හමුදා සමාජ සුභසාධන අරමුදල මගින් රුපියල් 100,000 ක මුදලක් ඊයේ (22) නාවික හමුදා මූලස්ථානයේ දී ප්‍රදානය කරන ලදී.

එම ප්‍රේශණපත නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් එරික් ජයකොඩි මහතා අතින් එම ශිෂ්‍යාව වෙත ප්‍රදානය කළ අතර, අධ්‍යක්ෂ නාවික සුභසාධක, කොමදෝරු රොහාන් ගුණවර්ධන මහතා සහ ඇයගේ දෙමාපියන් ද එම අවස්ථාවට එක්විය.