වැදගත් සිදුවීම්

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට නාවික හමුදාව මගින් නිෂ්පාදනය කරන ලද යාත්‍රා 9ක් නයිජීරියාවට අලෙවි කෙරේ

වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද යාත්‍රා නවයක් (9) නයිජීරියානු රජය වෙත අලෙවි කිරීම අද (6) එම පරිශ්‍රයේ දී සිදු කෙරිණි. විදේශ රටකට මෙලෙස යාත්‍රා අලෙවි කළ ප්‍රථම පියවර ලෙස මෙම සුවිශේෂී අවස්ථාව මෙරට නාවික ඉතිහාසයට එක් වනු ඇත.

06 May 2016

“ට්‍රින්කො බ්ලූ - 2016” රුවල් යාත්‍රා තරඟාවලියේ සමස්ථ ශුරතාවය නාවික හමුදාවට
 

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සංගමය (Royal Colombo Yacht Club – RCYC) විසින් සංවිධානය කරනු ලැබූ “ට්‍රින්කො බ්ලූ - 2016” රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය අප්‍රේල් මස 29 සහ 30 යන දිනයන් හි ත්‍රිකුණාමළය “Trinco Blu” හෝටලය ඉදිරිපස වෙරළතීරයේ දී පැවැත්විණි.

06 May 2016