වැදගත් සිදුවීම්

සෝමාලියානු වෙරළ තීරය සහ ඒඩ්න් බොක්ක ප්‍රදේශයන් හි මුහුදු මංකොල්ලකෑම් මැඩළීම බලගැන්වීම සඳහා ස්ථාපිත ගුවන් බලඝණයේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි

සෝමාලියානු වෙරළ තීරය සහ ඒඩ්න් බොක්ක ප්‍රදේශයන් හි මුහුදු මංකොල්ලකෑම් මැඩළීම බලගැන්වීම සඳහා ස්ථාපිත ගුවන් බලඝණයේ අණදෙන නිලධාරී, ජපාන ස්වයං ආරක්ෂක බලකායේ කපිතාන් මසහිෂා මොටමුරා මහතා අද (10) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

10 May 2016

කච්චතිව් දූපතේ නව දේවස්ථානයට මුල්ගල තැබේ
 

කච්චතිව් දූපතේ ඉදිකිරීමට නියමිත නව දේවස්ථානයට මුල්ගල තැබීමේ උත්සවය මැයි මස 09 වන දින යාපනය දියෝකීසියේ අනුනායක පී.ජේ. ජෙබරත්නම් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

10 May 2016

තහනම් ධීවර ක්‍රම යොදා ගනිමින් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර ක්‍රම යොදා ගනිමින් (Bottom Trawling) ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

10 May 2016