තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ ලාංකික ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

තහනම් ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතව සිටි ධිවරයින් දස දෙනෙකු අවස්ථා දෙකක දී අත්අඩංගුවට ගැනීමට නච්චිකුඩා, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් ඊයේ (11) සමත් විය. ඒ අනුව, වෙඩිතලතිව් බටහිර මුහුදු ප්‍රදේශයේ දී තංගුස් දැල් (monofilament nets) භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගල‍යින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර, ඉරනතිව් බටහිර මුහුදු ප්‍රදේශයේ දී තවත් ධීවරයින් 8 දෙනෙකු සුරුක්කු දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතව සිටියදී අත්අඩංගුවට ගැණිනි. එහිදී ඩිංගි යාත්‍රා 4ක්, සහ තහනම් දැල් 7ක් ද නාවික හමුදා අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා ධීවර ආම්පන්න ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක වෙත භාර‍දීමට කටයුතු කෙරිණි.