තහනම් ධීවර ක්‍රම යොදා ගනිමින් මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

උතුරු මැද නාවික විධානයට අයත් තලෙයිමන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර ක්‍රම යොදා ගනිමින් (Bottom Trawling) ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ට්‍රෝලර් යාත්‍රා 2 ක් සහ නීති විරෝධී දැල් (සුරුක්කු) 3 ක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු සහකාර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.