වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවේ පකිස්තාන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 
 

ශ්‍රී ලංකාවේ පකිස්තාන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා අද දින (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

13 May 2016

මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 58ක් සමග ලාංකික පුද්ගලයින් හය දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් මන්ඩතිව්, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයින් විසින් විනයසෝදි හා කල්මුණේ තුඩුව (‍‘K’ Point) අතර මුහුදු තීරයේ බලපත්‍ර රහිතව අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු සමග මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 58ක් (ප්‍රමාණය අඟල් 6ට අඩු) මැයි මස 11 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.

13 May 2016