වැදගත් සිදුවීම්

ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා ඒකාබද්ධව සෞඛ්‍ය කදවුරු පවත්වයි

පසුගිය 20 වන දින සිට අද (22) දින දක්වා ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය සහයක නාවිකයන් විසින් විසින් බියගම, වැල්ලම්පිටිය, මල්වාන, මාපිටිගම, ඔරුගොඩවත්ත, කඩුවෙල සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශයන්හිදී සෞඛ්‍ය කදවුරු රාශියක් පවත්වන ලදී.

22 May 2016

අමාත්‍ය සාගල රත්නායක මහතා නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකවක

නීතිය හා සාමය පිළිබඳ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (22) නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

22 May 2016

ගංවතුරින් විපතට පත් ජනතා‍වට සහන සැළසීමට ඩයලොග් ආයතනය නාවික හමුදාව සමග අත්වැල් බැදගනී

ගංවතුරින් විපතට පත් ජනතාව මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ නාවික කුඩා යාත්‍රා කණ්ඩායම් කාර්යක්ෂමව නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරියේ සිට මෙහෙයවීමට ඩයලොග් ආයතනය විසින් G.P.S තාක්ෂණය යොදා ගනිමින් සජීවීව නිරීක්ෂණය සහ සන්නිවේදනය කළ හැකි දත්ත හුවමාරු පද්ධතියක් නොමිලේ ස්ථාපනය කිරීමට කටයුතු කරන ලදී.

22 May 2016

ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහණ සැළසීම සඳහා ඉන්දීය නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
 

ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ඉන්දීය ආධාර රැගත් ඉන්දියානු නාවික හමුදාවට අයත් සට්ලේජ් සහ සුනයිනා වන නෞකාවන් දෙක අද (21) කොළඹ වරායට සේන්දු විය.

22 May 2016