කැලණි ගඟට එකතුවන ඇල මාර්ගයන්හි අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාවේ සහාය
 

පසු ගිය දිනවල කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පැවැති ගංවතුර තත්ත්වය හමුවේ ජපන් ජබර වර්ධනය වීමෙන් සහ අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් කැලණි ගඟට එකතුවන ඇල මාර්ග බොහොමයක් අවහිර වී තිබිණි. ඒ අනුව, ඊයේ (22) නාවික හමුදාවේ නාවිකයන් පිරිසක් සහ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාජිකයන් පිරිසක් විසින් එක්ස්කැවේටර් සහ බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගනිමින් බ්‍රැන්ඩියාවත්ත සහ වැල්ලම්පිටිය ප්‍රදේශයන්හි ඇල මාර්ගවල ජපන් ජබර සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි කැලණි ගඟට බැහැර කරවීමට කටයුතු කරන ලදී.