වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමා ඉන්දියානු නෞකාවන් දෙකෙහි සංචාරයක නිරතවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (23), පසුගිය 21 වන දින මෙරටට පැමිණි ඉන්දිය නාවික නෞකා සට්ලේජ් සහ සුනයිනා හි චාරිකාවක නිරත විය.

23 May 2016

ගංගාරම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමට නාවික හමුදාධිපතිතුමා සහභාගී වෙයි
 

2016 වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වන දින හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේදී බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි. ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ නාවික හමුදා සේවා විනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියද වෙසක් කලාපය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කිරීමේ සමාරම්භක අවස්ථාව සඳහා ඊයේ (22) සහභාගී විය.

23 May 2016

කැලණි ගඟට එකතුවන ඇල මාර්ගයන්හි අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාවේ සහාය
 

පසු ගිය දිනවල කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල පැවැති ගංවතුර තත්වය හමුවේ ජපන් ජබර වර්ධනය වීමෙන් සහ අපද්‍රව්‍ය එකතුවීම හේතුවෙන් කැලණි ගඟට එකතුවන ඇල මාර්ග බොහොමයක් අවහිර වී තිබිණි.

23 May 2016