වැදගත් සිදුවීම්

මුරුසි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් හම්බන්තොට වරාය‍ට පැමිණෙයි
 

මුරුසි වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගැඹුරු මුහුදේ මුර සංචාරය කළ හැකි නෞකාවක් වන “සීජීඑස් බැරකුඩා” නෞකාව කල්කටා සිට මුරුසි දූපත් වෙත ගමන් කරමින් සිටින අතර තුර, නෞකාවේ ඉන්ධන හා අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ අරමුණින් අද (02) වන දින උදෑසන හම්බන්තොට වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.

02 Jun 2016

ලෝක වාර්තා තුනක් පිහිට වූ නාවිකයාට නාවික හමුදාධිපතිගෙන් සුභාශිංෂණ
 

පසුගිය 27 වන දින ඉන්දියාවේ ඇසස්ට් ලෝක වාර්තා කම්ටුව විසින් සංවිධානය කරනු ලැබූ සම්මාන උලළේදී සම්මාන ත්‍රිත්වයකට එකවර හිමිකම් කියූ හා එම අවස්ථාව නියෝජනය කළ එකම ශ්‍රී ලංකිකයා බවට පත්වීමට නාවික හමුදාවේ නායක නැවි සනත් බංඩාර ක්‍රීඩකයාට හැකිවිය.

02 Jun 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනේ.
 

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද අළුයම (02) අත්අඩංගුවට ගන්නා ලදී.

02 Jun 2016