ගංවතුරෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශ පවිත්‍ර කිරීමට නාවික හමුදාවේ සහාය තව දුරටත්
 

පසුගිය දිනවල පැවති අයපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාව නැවත තම නිවාස කරා පැමිණ ඔවුන් සිය ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් සිටිති. ඔවුන් විසින් ඉවතලන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මාර්ග දෙපස හා පොදු ස්ථානවලට බැහැර කර ඇති අතර, වැල්ලම්පිටිය, කොටිකාවත්ත,කොලොන්නාව, බියගම හා බණ්ඩාරවත්ත යන ප්‍රදේශවල අපද්‍රව්‍ය ඉවත්කිරීමේ කටයුතු නාවික හමුදාව විසින් පසු ගිය (30) දින රාත්‍රියේ සිට සිදු කරමින් සිටි.

අද (3) දින නාවික හමුදාවේ පුර්ණ ශ්‍රමදායකත්වයෙන් බියගම, මාබිම සහ බණ්ඩාරවත්ත ප්‍රදේශ ආශ්‍රිත ළිං 80 ක් පිරිසිදු කිරිමට කටයුතු සිදු කළ අතර, මේ වන විට පිරිසි‍දු කරන ලද මුළු ළිං ප්‍රමාණය 462 ක් පමණ වේ. මෙම කාර්යයන් සඳහා ශ්‍රීලංනානෞ පරාක්‍රම, ශ්‍රීලංනානෞ තක්ෂිලා, ශ්‍රිලංනානෞ රංගල, ශ්‍රිලංනානෞ මහසෙන්, ශ්‍රිලංනානෞ කැළණි යන ආයතනයන්ගෙන් නාවික පුද්ගලයින් 600 කට අධික ප්‍රමාණයක් සිය දායකත්වය ලබා දෙන ලදී. ගංවතුරින් අපදාවට ලක්වූ ජනතාවගේ ජිවන තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරිමට මෙයින් අපේක්ෂා කෙරේ.

ප්‍රදේශවාසීන්ගෙන් නාවික හමුදාවට ප්‍රශංසාව.