ටැන්සානියා ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක නිරතවේ
 

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ‍ෆෙස්ටො උලෝමී මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ටැන්සානියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් අද (1) නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය. මෙම දුත පිරිස නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත වේ. ඔවුන් දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ රට වටා පිහිටි විවිධ ආරක්ෂක හමුදා ආයතන රැසක සංචාරය කිරීමට ද නියමිතය.

මෙම දුත පිරිසේ ප්‍රධානී වශයෙන් පැමිණි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ‍ෆෙස්ටො උලෝමී මහතා ඇතුළු පිරිස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සමග සුහද කතාබහක නිරත විය. මේ සදහා නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගි වු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.