රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ භාර ගනී
 

රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා 2016 ජූනි මස 01 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස නිල වශයෙන් වැඩ ආරම්භ කරන්නට යෙදුන අතර, එම තනතුර සඳහා වූ රාජකාරීන් ඇතුලත් ලේඛනය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ඔහු වෙත භාර දෙන ලදී. තවද නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට අමතරව ඔහු ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන්ද රාජකරි ඉටු කරනු ඇත.