ලෝක වාර්තා තුනක් පිහිට වූ නාවිකයාට නාවික හමුදාධිපතිගෙන් සුභාශිංෂණ
 

පසුගිය 27 වන දින ඉන්දියාවේ ඇසස්ට් ලෝක වාර්තා කම්ටුව විසින් සංවිධානය කරනු ලැබූ සම්මාන උලළේදී සම්මාන ත්‍රිත්වයකට එකවර හිමිකම් කියූ හා එම අවස්ථාව නියෝජනය කළ එකම ශ්‍රී ලංකිකයා බවට පත්වීමට නාවික හමුදාවේ නායක නැවි සනත් බංඩාර ක්‍රීඩකයාට හැකිවිය. ලෝකයේ රටවල් ගණනාවක ලෝක වාර්තා තැබූ පුද්ගලයන්ට මෙම සම්මාන උ‍ලළේදී සම්මාන පිරිනැමුණි.

ඔහු ඊයේ (1) දින නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති ‍වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී නාවික හමුදාධිපතිතුමන් ඔහුගේ වාර්තාවන් පිළිබඳ සුභාශිංෂණ පිරිණමමින් ඉදිරි පුහුණුවීම් සදහා නාවික හමුදාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළේය. තවද නාවිකයා දිරිගැන්වීම සඳහා රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් හා සමරු තිළිණයක්ද ඔහු වෙත ප්‍රදානය කළේය.

මෙම නාවිකයා 2007 වසරේදී, පැය 24ක කාලයක් නොකඩවා කිලෝමීටර් 256යි මීටර් 800ක දුරක් දිවීම, 2008 වසරේ ට්‍රෙඩ්මිල් යන්ත්‍රයක් මත පුරා පැය 24ක කාලයක් කිලෝමීටර් 251යි මීටර් 550ක දුරක් දිවීම වෙනුවෙන් සහ 2012 වසරේ තම සිරුරට ටී ෂර්ට් 257ක් පැලඳීම වෙනුවෙන් ඔහු ලෝක වාර්තාව සම කළ බව ලෝක වාර්තා කමිටු නිර්දේශත් සමග ඔහු මෙම සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලැබීය. ඔහු ඊළඟ ලෝක වාර්තාවේ පුහුණු කටුයුතු සඳහා මේ මස 6 වනදා ඕස්ට්‍රේලියාව බලා යාමට සූදානම්ව සිටී.