කංකසන්තුරේ මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 158 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

කංකසන්තුරේට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවට ආසන්නයේ ශ්‍රි ලංකා මුහුදු තිරයේදි පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 158 ක් ඊයේ (6) වන දින උතුරු නාවික විධානයට අයත් පි 422 ක යාත්‍රාව මුර සංචාරයේ යෙදි සිටියේදි අත්අඩංගුවට ගන්නා ලදී. මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට ලංකාවට රැගෙන එමින් සිටියදී නාවික යාත්‍රා දැක මුහුදට දමා පලායන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කරයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම කේරළ ගංජා තොගය කංකසන්තුරේ පොලිස් මූලස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදී. ‍