වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනයේ කුඩා යාත්‍රාවන්හි මුර සංචාරයේ යෙදි සිටි නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (05) සාම්පූර් ප්‍රදේශයෙහි නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

07 Jun 2016

කංකසන්තුරේ මුහුදු තීරයේ දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 158 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

කංකසන්තුරේට උතුරු දෙසින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවට ආසන්නයේ ශ්‍රි ලංකා මුහුදු තිරයේදි පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 158 ක් ඊයේ (6) වන දින උතුරු නාවික විධානයට අයත් පි 422 ක යාත්‍රාව මුර සංචාරයේ යෙදි සිටියේදි අත්අඩංගුවට ගන්නා ලදී.

07 Jun 2016