වැදගත් සිදුවීම්

උතුරු නාවික විධානයේ ඇති දුපත්හි පාසල් සිසුන්ගේ පාපන්දු ක්‍රීඩා හැකියාව නැංවීම සදහා නාවික හමුදා සහය

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් පරිදි යාපනය ආර්ධද්වීපයේ දුපත් වල පාසල් සිසුන් වෙනුවෙන් පාපන්දු පුහුණු කදවුරු කිහිපයක් විශ්‍රාමික ලුතිනන් එස් සුකුමාරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

09 Jun 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විඡය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (8) ඉප්පන්තිව් සහ පෙරියඅරච්චිල් අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

09 Jun 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

තලෙයීමන්නාරමට උතුරු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ටෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද අඵයම (9) අත්අඩංගුවට ගන්නා ලදී.

09 Jun 2016