නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ සංචාරයක
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (15) උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී උතුරු මැද නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන මහතා විසින් නාවික හමුදාධිපතිතුමා පිළිගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

උතුරු මැද නාවික විධානයට අයත් නාවික කදවුරු කිහිපයක නාවික හමුදාධිපතිතුමන් විසින් වාරිකාවක නිරත වු අතර එහිදි, ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ නිවාඩු නිකේතනය විවෘත කිරිම මුලින්ම සිදු කරන ලදි. ඉන් අනතුරුව නචිචිකුඩාහි පිහිටි ශ්‍රි ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයේ නාවිකයන්ගේ නිවාඩු නිකේතනය සහ ආයතනයේ පරිපාලන ගොඩනැගිල්ලද විවෘත කිරිම සිදු විය. තවද ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයේ ඉදිකරන ලද කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ නිවාඩු නිකේතනය, විධාන භාර ආඥාපතිගේ නිළ නිවාසය සහ නාවික ආයතනය විවෘත කිරිමද අද දින (15) සිදු කරන ලදි.

නාවික අනුඛණ්ඩ ඔයාමඩුව.

ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක.
 

ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා.