වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කයිට්ස් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කන්චදේව ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) පුංකුඩුතිව් දූපතට ගිණිකොන දෙසින් වූ ‍මුහුදු සීමාවේ තහනම් දැල් (තංගුස්) යොදාගනිමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

16 Jun 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද අළුයම (16) අත්අඩංගුවට ගන්නා ලදී.

16 Jun 2016

නාවික හමුදාධිපති උතුරු මැද නාවික විධානයේ සංචාරයක
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (15) උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත විය.

16 Jun 2016