වැදගත් සිදුවීම්

කපිතාන් අරුණ තෙන්නකෝන් විසින් සම්පාදිත “FLEET CO/XO HAND BOOK” නමැති අත්පොත නාවික හමුදාධිපතිතුමා හට පිළිගැන්වේ

කපිතාන් අරුණ තෙන්නකෝන් මහතා විසින් සම්පාදිත “FLEET CO/XO HAND BOOK” නැමති නාවික අත්පොතෙහි පළමු පිටපත අද (17) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.

17 Jun 2016

පුත්තලම කොහු කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩපැවැත්විමට නාවික හමුදා සහය
 

පුත්තලම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ වයඹ නාවික විධානයට අයත් පුත්තලම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් පසුගිය 15 වන දින මදුරන්කුලිය ප්‍රදේශයේ කොහු කාර්මාන්ත ශාලාවක ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීම සඳහා එක්විය.

17 Jun 2016

නාවික පුද්ගලයින්ගේ දුවාදරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ

නාවික රණවිරුවන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අද (16) කොළඹ, නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

17 Jun 2016