කපිතාන් අරුණ තෙන්නකෝන් විසින් සම්පාදිත “FLEET CO/XO HAND BOOK” නමැති අත්පොත නාවික හමුදාධිපතිතුමා හට පිළිගැන්වේ

කපිතාන් අරුණ තෙන්නකෝන් මහතා විසින් සම්පාදිත “FLEET CO/XO HAND BOOK” නැමති නාවික අත්පොතෙහි පළමු පිටපත අද (17) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.

මෙම අත්පොතට නෞකාවක රාජකාරී කරන අණදෙන නිලධාරී සහ විධායක නිලධාරී හට සිය මුහුදු රාජකාරීන් සිදු කිරීමේදී අවශ්‍ය විධිවිධාන ඇතුළත් කර ඇත. දැනට ශ්‍රී ලංකා සහ ඉන්දියානු නාවික හමුදාවන්ගේ යොමු පොත් (Books of References - BR) වලට අනුකූලව මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇති අතර, අණදෙන සහ විධායක නිලධාරීන් විසින් නෞකාවන්හි ඉටුකරන රාජකාරී කටයුතු පහසුවෙන් ඉටු කිරීම සඳහා මාර්ගෝපදේශයක් ලෙස ද භාවිතා කළ හැකිය. එහි අනුපිටපත පිළිගත් නාවික හමුදාධිපතිතුමන් කපිතාන් තෙන්නකෝන් මහතාගේ ප්‍රසංසනීය සේවය අගය කරමින් ඔහු හට සුභ පැතුම් එක් කිරීමට ද කටයුතු කරන ලදී.