කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති නාවික හමුදාධිපති හමුවෙයි
 

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වූ අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා අද (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

අද්මිරාල් සඳගිරි මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපති වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු නාවික හමුදාධිපතිතුමා නිල වශයෙන් හමුවු ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද එහිදී සිදු කෙරිණි.