වැදගත් සිදුවීම්

කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන්ට නාවික හමුදාවෙන් සත්කාර
 

කතරගම පූජා භූමිය වන්දනා කිරීම සඳහා යාපනයේ සිට පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන් කෙට් විවේකයක් ලබා ගත් අවස්ථාවේදී ඔවුන්ට ආගන්තුක සත්කාර සිදු කිරීමට ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, කොමදෝරු සුමිත් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් ඊයේ (21) කටයුතු කරන ලදී.

22 Jun 2016

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුම් දෙකකට එළබෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ආශ්‍රයෙන් දත්ත ලබා ගැනීම (Vessel Monitoring System - VMS) පිළිබදව අවබෝධතා ගිවිසුම සහ ජාතික ජල මානක හා නාවික සිතියම්ගත කිරීමේ අබබෝධතා ගිවිසුම ඊයේ (21) ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයේදී අත්සන් කරන ලදී.

22 Jun 2016