නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 2 කු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, මුලතිව් පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (25) කොක්කුතුඩුවායි මුහුදු ප්‍රදේශය අශ්‍රිතව නීති විරෝධී ක්‍රම යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු සහ ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2ක්, අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.