‘සයුරුසර’ සඟරාව හා ‘නාවික ජර්නලය’ (Navy Journal) දෙවන කලාපය එළිදකී
 

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික ජර්නලය’ (Navy Journal) දෙවන කලාපයේ පළමු පිටපත එහි ප්‍රධාන කතෘ කොමදෝරු ප්‍රියන්ත පෙරේ‍රා මහතා විසින්ද නාවික පුද්ගලයින්ගේ නිර්මාණ වලින් සමන්විත වූ නවතම ‘සයුරුසර’ 29 වන කලාපයේ පළමු පිටපත සඟරාවේ ප්‍රධාන උපදේශක කපිතාන් අක්‍රම් අලවි මහතා හා ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින්ද අද (30) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන් විය. එම අවස්ථාවන් සඳහා නාවික සහායක, නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී හා ‘සයුරුසර’ සඟරාවේ උපදේශක, කොමාණ්ඩර් රොහාන් ජෝශප් මහතාද එක්විය.

නාවික පුද්ගලයන්ගේ පර්යේෂණ දැනුම පුළුල් කිරීම හා නව පර්යේෂණ කෙරෙහි නැඹුරුතාවය වර්ධනය කිරීමේ අරමුණින් ‘නාවික ජර්නලය’ ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කෙරුණි.

නාවික පුද්ගලයින්ගේ දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද අතර ‘සයුරුසර’ සඟරාව දීර්ඝකාලයක් තිස්සේ ප්‍රකාශයට පත් නොකෙරුනු අතර, වත්මන් නාවික හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත නැවත එළිදැක්වුනේ වසර දෙකක දිගු නිහැඩියාවකට පසුවය.