වැදගත් සිදුවීම්

2016 අන්තර් විධාන ක්‍රිකට් ශූරතාවලිය
 
 

2016 අන්තර් විධාන ක්‍රිකට් ශූරතාවලිය, නාවික හමුදාවේ සියළුම විධාන නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 9 ක් හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 6 ක ගේ සහභාගීත්වයෙන් ජුනි මස 20 වන දින සිට 26 වන දින දක්වා ත්‍රිකුණාමයෙහි පිහිටි නාවික සාගරික විද්‍යාපිඨ ක්‍රිඩාංගනයේදි පැවැත්විය.

30 Jun 2016

‘සයුරුසර’ සඟරාව හා ‘නාවික ජර්නලය’ (Navy Journal) දෙවන කලාපය එළිදකී
 

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික ජර්නලය’ (Navy Journal) දෙවන කලාපයේ පළමු පිටපත එහි ප්‍රධාන කතෘ කොමදෝරු ප්‍රියන්ත පෙරේ‍රා මහතා විසින්ද නාවික පුද්ගලයින්ගේ නිර්මාණ වලින් සමන්විත වූ නවතම ‘සයුරුසර’ 29 වන කලාපයේ පළමු පිටපත සඟරාවේ ප්‍රධාන උපදේශක කපිතාන් අක්‍රම් අලවි මහතා හා ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින්ද අද (30) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන් විය.

30 Jun 2016

කෝණේෂ්වරම් කෝවිල අවට පිරිසිදු කිරිම සඳහා නාවික හමුදා සහාය
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන සමාජ සත්කාර වැඩ සටහන් මාලාවට සමගාමීව නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ මගපෙන්විම යටතේ පසුගිය 25 වන දින යුධ හමුදාව හා මධ්‍යම පරිසර අධිකාරිය සමග සම්බන්ධිකරණය වි ත්‍රිකුණාම‍ලයේ පිහිටි කෝණේෂ්වරම් කෝවිල අවට පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි .

30 Jun 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විඡයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29) එරක්කන්ඩී මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

30 Jun 2016

දකුණු මුහුදේදි සැක කටයුතු නෞකා‍වක් අත්අඩංගුවට ගැනේ
 

ශ්‍රි ලංකා රේගු නිලධාරින්ගේ ඉල්ලීමක් පරිදි ශ්‍රි ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව සැක කටයුතු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඊයේ 29 වන දින අළුයම ගාල්ලට නාවික සැතපුම් 7. 5 ක් එපිටින් වු මුහුදු සිමාවේදී අත්අඩංගුවට ගන්නා ලදි.

30 Jun 2016