අධික වටිනාකමින් යුත් රත් හදුන් තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව සහාය වෙයි
 

මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට ගෙනවිත් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ අධික වටිනාකමකින් යුත් රත් හදුන් තොගයක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (30) වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක්, කල්පිටිය පොලීසියට සහාය වීය.

නාවික හමුදා බුද්ධි අංශ තොරතුරකට අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ පො‍ලීසිය, නාවික හමුදාව හා එක්ව එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී. එහිදී, දැව තොගය සහ ඒවා ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් ලොරි රථය මෙන්ම එහි රියදුරු ද අත්අඩංගුවට පත් විය. අල්ලා ගත් දැව ‍තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.