වැදගත් සිදුවීම්

“නැංගුරම” වාර්ෂික සඟරාවේ පළමු පිටපත නාවික හමුදාධිපතිතුමා හට පිරිනැමේ
 

නාවික හමුදා සංගමය විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන නැංගුරම සඟරාවේ 2016 කළාපය අද (7) එහි සභාපති කපිතාන් (විශ්‍රාමික) අශෝක විජේගුණවර්ධන මහතා විසින් නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිරිනමන ලදී.

07 Jul 2016

“තනි මංසලේ” සීඩී තැටිය නාවික හමුදාධිපතිතුමා හට පිළිගැන්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු ලුතිනන් කොමාණ්ඩර් මහින්ද කුරුප්පුගේ මහතා විසින් නිෂ්පාදිත “තනි මංසලේ” නමැති සීඩී පටය එළිදක්වා ඇත. එහි පළමු සීඩී තැටිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිරිනැමීම පසුගිය ජුනි 30 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

07 Jul 2016

කල්පිටිය ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනේ
 

කල්පිටිය මොහොත්තුවාරම් ප්‍රදේශයේදී කැබ් රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ ‍කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයේ සහාය ඇතිව පුත්තලම පොලිස් විශේෂ කාර්යය බළකායේ භට පිරිසක් විසින් ඊයේ (6) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

07 Jul 2016

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 16 දෙනෙකු නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (6) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගන්නා ලදී.

07 Jul 2016