වසර 34 ක සේවයකින් පසු රියර් අද්මිරාල් සෙනරත් ජයසිංහ මහතා නාවික හමුදාවෙන් විශ්‍රාම ලබයි
නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් සෙනරත් ජයසිංහ මහතා සිය 34 වසරක කීර්තිමත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (8) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියාහට සිය සුභාසිංශන එක් කිරීමෙන් අනතුරුව නාවික හමුදා සම්මාන ආචාරයකින් එතුමන් වෙත ආචාර පුද කිරිම නාවික හමුදා මුලස්ථානයේදි සිදු කෙරෙණි. ඉන්පසු සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා පා ගමනින් යමින් සහෘද නිලධාරීන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සමුදෙනු ලැබිණි. මාර්ගය දෙපස රැදී සිටි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින්ද එහිදී එම නිලධාරියාහට සිය උත්තමාචාර පුද කරන ලදී.
1981 වසරේ දී ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පළමු බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදාවට එක් වූ එතුමා නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් සිය නාවික පුහුණුව අවසන් කර ආයතන රාශියක සේවය කර ඇත. දේශීය මෙන්ම විදේශීය පාඨමාලාවන් රැසක් හැදෑරීමෙන් ලද දැනුම සහ අත්දැකීම් උපයෝගී කර ගනිමින් රියර් අද්මිරාල් ජයසිංහ මහතා නාවික හමුදාවට විශිෂ්ඨ සේවයක් ඉටු කරන ලදී. පරිනත මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස එතුමන් ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, සිය මාතෘ භූමියටත් සිදු කර ඇති සේවය වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් ද එතුමා පිදුම් ලබා ඇත. .
![](assets/images/news/event_news/2016/july/2016_07_08/1.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/2.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/3.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/4.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/5.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/6.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/7.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/8.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/9.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/10.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/11.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/12.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/13.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/14.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/15.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/16.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/17.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_08/18.jpg)