නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරම, තාල්පාඩුහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) ඉරුක්කුලම්පිඩ්ඩි තුඩුවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ තහනම් දැල් (තංගුස්) යොදාගනිමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 3 ක් සහ නීතිවිරෝධී දැල් 6 ක් අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.
![](assets/images/news/event_news/2016/july/2016_07_10/1.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_10/2.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_10/3.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_10/4.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_10/5.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_10/6.jpg)