වැදගත් සිදුවීම්

උතුරු දුපත්වල පාසල් සිසුන්ගේ අවසන් මහා පාපන්දු තරඟයෙන් පුන්කුඩුතිව් කණ්ඩායමට ජය
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් පරිදි යාපනය ආර්ධද්වීපයේ කරෙයිතිව්, එලිවතිව්, අනලතිව්, නයනතිව්, පුන්කුඩුතිව්, මණ්ඩතිව්, සහ ඩෙල්ෆ්ට් යන දුපත්වල පාසල් සිසුන් වෙනුවෙන් පාපන්දු පුහුණු කඳවුරු කිහිපයක් 2016 මැයි මස 2 දින සිට පළපුරුදු පාපන්දු පුහුණුකරුවෙකු වන විශ්‍රාමික ලුතිනන් සුකුමාරන් මහතාගේ මුලිකත්වයෙන් පැවැත්විණි.

10 Jul 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරම, තාල්පාඩුහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (9) ඉරුක්කුලම්පිඩ්ඩි තුඩුවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ තහනම් දැල් (තංගුස්) යොදාගනිමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

10 Jul 2016