නාවික හමුදාධිපති එක්සත් ජනපද ශාන්තිකර නාවික බලකා අණදෙන නිලධාරී හා ඇමරිකානු මැරීන් බලකායේ අණදෙන නිලධාරී සහ ඇමරිකානු ශාන්තිකර මැරීන් දියත් බලකායේ ආඥාපති මුණ ගැසෙයි
 

මේ දිනවල ඇමරිකාවේ නිළ සංචාරයක යෙදී සිටින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ඇමරිකානු ශාන්තිකර නාවික බලකායේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්කොට් එච් ස්විෆ්ට් මහතා සහ ඇමරිකානු මැරීන් බලකායේ අණදෙන නිලධාරී සහ ඇමරිකානු ශාන්තිකර නාවික බලකායේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ජෝන් ඒ ටූලන් මහතා මුණ ගැසීම ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාහි දී පැවැත් වූ 2016 ශාන්තිකර කළාපයේ භූජල තරණ නායකයන්ගේ සමුළුවේදී සිදු විය.

එම හමුවේදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය හා ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.