උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරම, තාල්පාඩුහි පිහිටි ශ්රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) කොන්ඩම්පිඩ්ඩි තුඩුවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ තහනම් දැල් (තංගුස්) යොදාගනිමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.