කුමන ජාතික වනෝද්‍යානය අවට පිරිසිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරයි
 

ගිණිකොන නාවික විධානය භාර ආඥාපති කොමදෝරු සුමිත් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පානම ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (18) ඔකඳ සිට කුඹුක්කන්ඔය දක්වා කුමන ජාතික වනෝද්‍යානය ආවරණය වන පරිදි කිලෝමීටර් 23 ක භූමි ප්‍රදේශයක් පිරිසිදු කිරීමේ කර්තව්‍යයක නිරත විය.

යාපනය සිට කතරගම දක්වා පාද යාත්‍රාවේ යෙදුනු බැතිමතුන්ගේ ගමන් මාර්ගය වූ මෙම ප්‍රදේශය ඔවුන් විසින් බැහැර කර තිබූ කසල හේතුවෙන් අපවිත්‍ර වී පැවති අතර, වනෝද්‍යානය අවට ප්‍රදේශය කඩිනමින් පිරිසිදු කර යථා තත්ත්වයට පත් කිරීමට එහිදී නාවික පුද්ගලයන්ට හැකි විය. ගිණිකොන නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සුදත් කුරුකුලසූරිය මහතා, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවිකයන් විශාල පිරිසක් මෙම කර්තව්‍ය සඳහා සිය දායකත්වය ලබා දෙන ලදී.