වැදගත් සිදුවීම්

විපතට පත් ඉන්දීය ධීවරයන් බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි
 

බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් වන පී 417 සහ පී 474 ට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අගෝස්තු මස 08 වන දින එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් අනතුරට ලක් වී ශ්‍රී ලංකාවට අයත් බටහිර මුහුදු සීමාවේ පාවෙමින් තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයන් 4 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.

09 Aug 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (8) ඉරන්කේනි වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

09 Aug 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට
 

අනලතිව් දූපතට බටහිර දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධිවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (9) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

09 Aug 2016