වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මැතිතුමාගේ සංකල්පයක් මත නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවිකයන්ට පිළිගැනිමක් ඇති කිරීම උදෙසා, නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට, නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරියෙකු අද (11) දින නාවික හමුදාධිපති තුමා විසින් පත් කරන ලදී.