කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.5 ක් සමග පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් පුත්තලම හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) ස්ථාන දෙකකදී කේරළ ගංජා අලෙවි කරමින් සිටි පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. මේ සඳහා ‍පුත්තලම පොලීසියේ සහාය ද ලැබිණි.

ඒ අනුව, නවගත්තේගම ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.5 ක් සමග පුද්ගලයෙකු සහ සීමාවලී ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පිළිවෙලින් ආනමඩුව සහ පුත්තලම යන පොලීස් ස්ථාන වෙත භාර දීමට කටයුතු කරන ලදී.