වැදගත් සිදුවීම්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.7 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

බටහිර නාවික විධානයට අයත් පමුණුගම හි පිහිටි, ශ්‍රීලංනානෞ කැළණි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) වත්තල ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.7 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

13 Aug 2016

නාවික හමුදාව විසින් හම්බේගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය විවෘත කෙරේ
 

නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතීන අතර, එහි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් හම්බේගමුව ජනතානගේ ප්‍රයෝජනය සඳහා හම්බේගමුව පුරාණ රජමහා විහාරස්ථානයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය (RO Plant) ඊයේ (12) වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතාගේ සුරතින් විවෘත කරන ලදී.

13 Aug 2016

අන්තර් නෞකා හා යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය 2016
 

නාවික හමුදා දියත් විධානය මගින් සංවිධානය කරන ලද 2016 අන්තර් නෞකා හා යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය අගොස්තු මස 12 වන දින ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

13 Aug 2016

කථික තරඟාවලියේ ජයග්‍රාහකයන්ට නාවික හමුදාධිපතිතුමන් විසින් ත්‍යාග ප්‍රදානය කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සංවිධානය කළ නාවික හමුදා ප්‍රථම කථික තරඟාවලිය ඊයේ (12) නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

13 Aug 2016