අන්තර් නෞකා හා යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය 2016
 

නාවික හමුදා දියත් විධානය මගින් සංවිධානය කරන ලද 2016 අන්තර් නෞකා හා යාත්‍රා කඹ හා ගැට තරඟාවලිය අගොස්තු මස 12 වන දින ත්‍රිකුණාමළය නාවික හා සාගරික විද්‍යාපීඨ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික දියත් විධානයේ ධජ නිලධාරී රියර් අද්මිරාල්, දයානන්ද නානායක්කාර මහතා සහභාගී විය. විධානයේ ‍නෞකා, යාත්‍රා හා ආයතන වලට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

දියත් විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ කඹ හා ගැට පිළිබඳ දැනුම වර්ධනය කිරීම, කණ්ඩායමක් වශයෙන් වැඩකිරීමේ පුරුද්ද ගොඩනැංවීම, නායකත්ව ගුණාංග ‍දියුණු කිරීම මෙන්ම ඔවුනගේ කුසලතාවයන් හඳුනාගැනීම මෙම තරඟාවලියේ ප්‍රධාන අරමුණු විය.

ඒ සඳහා සහභාගී වු කණ්ඩායම් අතරින් දක්ෂතා දැක්වූ කණ්ඩායම් 08ක් අර්ධ අවසාන වටයට තෝරා ගැනුණු අතර, අවසන් තරඟයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සාගර’ නෞකාව නියෝජනය කළ පළමු කණ්ඩායම ජයග්‍රහණය කරමින් ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය. තරඟාවලියේ දෙවන ස්ථානය එම නෞකාව නියෝජනය කළ දෙවන කණ්ඩායම දිනාගත් අතර, තරඟාවලියේ දක්ෂතම නාවිකයා වශයෙන් නායක නැවි ආර්පීජීඑන් කුමාරසිංහ කුසලාන හිමි කර ගන්නා ලදී.