කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.7 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

බටහිර නාවික විධානයට අයත් පමුණුගම හි පිහිටි, ශ්‍රීලංනානෞ කැළණි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (12) වත්තල ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.7 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.