කේරළ ගංජා කිලෝග්‍රෑම් 26 .75 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි හි රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සිදු කරන ලද සෝදිසි කිරීමක දී චැම්පියන්පත්තු ප්‍රදේශයේදී අතහැර දමා ගිය, ඇසුරුම් 13 ක බහා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 26.75 ක් අත්අඩංගුවට ගන්නා ලදී. එම කේරළ ගංජා තොගය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මරදන්කේනි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.