වැදගත් සිදුවීම්

කේරළ ගංජා කිලෝග්‍රෑම් 26 .75 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි හි රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සිදු කරන ලද සෝදිසි කිරීමක දී චැම්පියන්පත්තු ප්‍රදේශයේදී අතහැර දමා ගිය, ඇසුරුම් 13 ක බහා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 26.75 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

18 Aug 2016

ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “සමාර්ත්” නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් “සමාර්ත්” නෞකාව අද (18) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණි අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

18 Aug 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) මරිච්චුකඩ්ඩි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

18 Aug 2016

ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය ජනතාවට ප්‍රදානය කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය හම්බේගමුව ප්‍රදේශයේ වෙසෙන පවුල් 3000 ක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් ඊයේ (16) යොදවන ලදී.

18 Aug 2016