ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය ඇමතිතුමන්, ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි
 

ඉන්දීය විදේශිය කටයුතු රාජ්‍ය ඇමති ජෙනරාල් විජේ කුමාර් සිං මහතා, අද (26) උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීම සඳහා එක්විය. එතුමන් දින තුනක (24-26) නිළ චාරිකාවක් සඳහා මෙරටට පැමිණ සිටිය. විදේශ ඇමතිවරයා විසින් සහභාගි වූ ප්‍රධාන ස්ථානයන් අතර, රණවිරු ස්මාරකයද විශේෂ එකක් විය.

මෙම පුෂ්පෝහාර උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු වයිකේ සිංහා මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාද, බටහිර නාවික විධානය භාර ආඥාපති ජයන්ත ද සිල්වා මහතා ඉන්දීය මහකොමසාරිස් කාර්යයාලයේ නිලධාරින් මෙන්ම නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයන් පිරිසක්ද මේ සඳහා සහභාගි වී සිටියහ.