වැදගත් සිදුවීම්

බංගලාදේශ නාවික හමුදා “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

‍බංගලාදේශ නාවික හමුදාවට අයත් “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා ඊයේ (29) කොළඹ වරායට සේන්දු විය.

30 Sep 2016

කේරළ ගංජා සමග පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් මාන්නාරමෙහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එක්ව කළ මෙහෙයුමක් මගින්, මන්නාරම ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්රෑම් 4 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගන්නා ලදී.

30 Sep 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයෙකු සහ තහනම් දැල් තොගයක් අත්අඩංගුවට
 

දකුණු නාවික විධානයට අයත් තංගල්ල හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයට අනුයුක්ත නාවිකයන් සහ තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව කළ වැටලීමකදී, නාකුලුගමුව ප්‍රදේශයේදී නීති විරෝධී තහනම් දැල් සමග පුද්ගලයෙකු ඊයේ (29) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

30 Sep 2016

වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් උස්වැටකෙයියාවේ හි පිහිටි, ශ්‍රි ලංකා නාවික නෞකා කැලණි ආයතනයට අනුයුක්ත නාවිකයන්, ගම්පහ ඖෂධ හා ආහාර අන්තර් මණ්ඩලය සහ මිගමුව පොලිසිය හා එක්ව කළ මෙහෙයුමකදී මත්විම සඳහා අලවි කිරිමට සුදානම් කර තිබු වේදනා නාශක ඖෂධ පෙට්ටි 10 ක් සමග පුද්ගලයෙකු ඊ‍යේ (29) සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදි.

30 Sep 2016

බංගලාදේශ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් කොළඹ වරායට
 

බංගලාදේශ නාවික හමුදාවට අයත් “සෝමුද්‍රා අවිජාන් ” සහ “සෝමුද්‍රා ජෝයි” යන නෞකාවන් අද (29) කොළඹ වරායට සේන්දු විය.

29 Sep 2016

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ඉදිකළ ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර භික්ෂු අයිතියට පත් කෙරේ.
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

29 Sep 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් ‍දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනයට අයත් කුඩා යාත්‍රාවන්හි මුර සංචාරයේ යෙදි සිටි නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) සාම්පුර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

29 Sep 2016

නාවික හමුදාධිපතිතුමන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නිශා බිස්වාල් මහත්මිය හමු වේ
 

මේ දිනවල ඇමෙරිකාවේ නිල සංචාරයක යෙදී සිටින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ සහකාර ලේකම් නිශා බිස්වාල් මහත්මිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී ඊයේ (27) හමු විය.

28 Sep 2016

කොරල් පර අධීක්ෂණ සහ නැවත වගා කිරීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලයෙන් ආරම්භ වේ
 

බ්ලූ රිසෝසස් සංවිධානය සහ වනජීවී පර්යේෂණ හා සංරක්ෂණ භාරය, ලංකා ටෝකියෝ සිමෙන්ති පුද්ගලික සමාගම සමග එක්ව ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවික පුද්ගලයන් වෙනුවෙන් සංවිධානය කරන ලද, කොරල් පර මිණුම් සහ සිතියම් ගත කිරීම පිළිබඳ පුහුණු වැඩ මුළුවක් සහ කොරල් සිටුවීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ පිහිටි කොරල් කෝව් (Coral Cove) වෙරළ තීරයේදී පවත්වන ලදී.

28 Sep 2016

නාවික හමුදාධිපතිතුමන් පෙන්ටගනයේදී ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද හමුදා නිලධාරීන් පිරිසක් හමුවේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (26) එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පෙන්ටගනයේදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු හමුවන ලදී.

27 Sep 2016