වැදගත් සිදුවීම්

බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, කන්කසන්තුරය හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (31) පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

01 Sep 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 2 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් වාකරෙයි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කාශ්‍යප ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (31) මඩකළපුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

01 Sep 2016