වැදගත් සිදුවීම්

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

තහනම් ක්‍රම සහ තහනම් දැල් භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 11 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (1) සමත් විය.

02 Sep 2016

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට
 

නැ‍ගෙනහිර නාවික විධානයට අයත්, ත්‍රිකුණාමලය හි පිහිටි 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අනුයුක්ත පී 436 යාත්‍රාවේ රාජකාරී නියුතු නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් විසින් අද (1) වලයානමාදම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනුමත දුර ප්‍රමාණය ඉක්මවා මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

02 Sep 2016