කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරේ හි පිහිටි, ශ්‍රීලංනානෞ උත්තර සහ කයිට්ස් හි පිහිටි, ශ්‍රීලංනානෞ කන්චදේව යන ආයතන වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී ඊයේ (2) චාවකච්චේරි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය. නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, යාපනය සුරාබදු කාර්යාලයේ නිලධාරීන්ද මේ වැටලීම සඳහා නාවික හමුදා භට පිරිස් වෙත සහය දක්වා ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සුරාබදු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.