හෙරොයින් කිලෝග්‍රෑම් 2.24 ක් සමග පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරම හි පිහිටි, ශ්‍රීලංනානෞ ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී අද (3) සවස පල්ලිමුනේ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 2.24 ක් ප්‍රවාහනය කරමින් සිටි ඉන්දීය ජාතිකයෙකු සහ එයට සම්බන්ධ ලාංකිකයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ හෙරොයින් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වව්නියාව පොලිස් මත්ද්‍රව්‍ය ඒකකය වෙත භාර දීමට කටයුතු කෙරිණි.