වැදගත් සිදුවීම්

නාවික තඨාකංගනයේ ඉදිකළ නව ජැටිය විවෘත කෙරේ
 

ත්‍රිකුණාමලය, නාවික තඨාකංගනය තුළ නෞකා යාබදව ගැටගසා තැබීම සඳහා පවතින පහසුකම් තව දුරටත් පුළුල් කරමින් එහි අභිනවයෙන් ඉදිකරන ලද ජැටිය විවෘත කිරීම පසුගිය 4 වන දින නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අතින් සිදු කෙරිණි.

06 Sep 2016

ඉංජිනේරු අංශයෙන් සරසවි වරම් ලද සිසුවෙකු හට නාවික හමුදාධිපතිතුමන් අතින් තිළිණ ප්‍රදානය කෙරේ
 

2015 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගය විශිෂ්ඨ ලෙස සමත් වී ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා සුදුසුකම් ලද එච්පීඑම් ප්‍රභාත් සිසුවා වෙත නවීනතම ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් පිරිනැමීම අද (6) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් සිදු කෙරුණි.

06 Sep 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයන් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු ස්ථාන දෙකකදී අත්ඩඅංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ (5) සමත් විය.

06 Sep 2016